
Xiaomi Mi 11 is a high-end device with its main features being a triple camera with a 108MP main one, 13MP ultra wide angle secondary camera and a 5MP sensor optimized to capture both macro and tele shots. The phone has a 6.81″ AMOLED quad-curve Dot Display capable of working at 120Hz. Xiaomi mi11 review in sri lanka is based ion user experience and feedback given by actual users.
Mi 11 Review එක… (27/08/2022)
Network
මේක 5G enabled device එකක්. Dialog 5G trial එකේ resgister වෙලා ඒ අදාල තැන්වලදී 5G use කරන්න පුළුවන්. Dual 5G mode එක නම් නෑ. ඒක අවශ්‍ය වෙන්නෙත් නෑනේ. Dual 5G තිබුණත් එක පාර data use වෙන්නේ එක network එකකින් විතරයි. ඒ නිසා ඒ feature එකේ වැදගත් කමනම් මට තේරෙන්නේ නෑ. කොහොමහරි දැනට මම Dual 4G on කරගෙන use කරනවා. මොකද sim දෙකේම VoLTE enable නිසා. කිසිම signal issue එකක් drop එකක් දැනිලා නෑ දැනටනම්.
WiFi ගැන කතාකරොත් 2.4 GHz and 5 GHz band දෙකම support. Hotspot උනත් 5 GHz වලින් දෙන්න පුළුවන්. මම දවසට පැය තුන හතරක් WiFi වලින් වැඩ කරනවා. ඒ කිසිම වෙලාවක WiFi වලින් auto disconnect වෙලා නෑ. Speed drop වෙන්නෙත් නෑ. මොකක් හරි WiFi failure එකක් උනොත් WiFi Assistant Feature එක තියෙන නිසා තමන්ගේ වැඩේට බාධාවක් නොවී WiFi, Mobile data අතර automaticaly switch වෙන නිසා කිසිම ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ. ඊට අමතරව WiFi Assistant වල තවත් features දෙක තුනක් තියෙනවා. මගේ කලින් post එකේ ඒ ගැන ඇති. කැමතිනම් කියවලා බලන්න.
Bluetooth
Bluetooth 5.2 තියෙන්නේ. ඒ වගේම aptX HD වගේම aptX adaptive feature එකත් තියෙනවා. Wireless HD audio support කරන නිසා bluetooth audio devices වල sound output එක හොඳටම තියෙනවා. දැනට මම Baseus Encok D02 Pro වගේම JBL T 115BT (AAC enabled) use කරනවා. කිසිම අවුලක් නෑ. එක පාරක් pair කරාම කිසිම අවුලක් නැතුව එතනින් එහාට Auto pair වෙනවා device එක on කරද්දීම. aptX support TWS එකක් වගේනම් පාවිච්චි කරලා බලන්න උනේ නෑ. ඒ නිසා ඒ experience එක කොහොම වෙයිද කියන්න idea එකක් නෑ.
Display
ප්‍රධාන වශයෙන් WQHD+ Resolution එකක්, 120 Hz Refresh Rate එකක් තියෙන flagship curved display එකක් තියෙන්නේ. කොහොම උනත් වම් පැත්තේ උඩට වෙන්න තියෙන camera punch hole එක මට වැඩිය set නෑ. ඒ වගේම උඩ edges වල display එකේ finishing එක කැතයි මට නම්. Display එකට extra protection එකක් දෙන්න තමයි එහෙම side bumps එක්ක finishing එකක් දීලා තියෙන්නේ. Full experience එක ගන්න ඔය අවුල් දෙක බාධාවක්. Display එකක් උනාම clean and neat තියෙන්න ඕන. 😁
Display එකේ අනිත් features වලින් මට හොඳටම set උණු features වලින් එකක් තමයි brightness එක. Sun light mode එක on නොකර කිසිම අවුලක් නැතුව කට්ට අව්වේ උණත් phone එක use කරන්න පුළුවන්. හොඳට පේනවා. මොකද peak brightness එක 1500 nits. Viewing angle ගැන නම් ආයේ කතා කරන්න දෙයක් නෑ. ඒක Next level. Phone එක දිහා යට ඉඳන් බැලුවොත් විතරයි පේන්නේ නැත්තේ. 😂
ඊළඟට WQHD+ feature එක. මේක ගැන නම් කියන්න වචන නෑ. 515 ක ppi එකක් කියන්නේ ඉතින් 😍. Details එහෙම සුපිරි. ඒ වගේම sharp. මේකට 120 Hz එකයි 480 Hz touch sampling rate එකයි flagship level haptic feedback sensor එකයි එකතු උනාම ලැබෙන feeling එක ගන්න මේක use කරලම බලන්න වෙනවා. Type කරද්දී උනත් key board එකෙන් එන haptic එක හරියට ඇඟිල්ල යටින්ම sensor එක තියෙනවා වගේ sharp.
Color accuracy ගැන, details ගැන, sharpness ගැන කියන්න වචන නෑ. Next level ඉතින්. Display mate A+ certificate එකත් තියෙනවනේ. මේකේ එකිනෙකට වෙනස් color schemes 7ක් තියෙනවා. තමන්ට කැමති එකක් select කරගෙන තමන්ට කැමති විදියට ඒව customize කරගන්න පුළුවන්. P3 color gammut, sRGB, Enhanced ඒ අතරින් විශේෂයි.
Display වලට අදාලව තියෙන තව සුපිරිම feature එකක් තමයි AI image engine කියන්නේ. මේක යටතේ option 4ක් තියෙනවා. මේවා ගැන ලොකුවට විස්තර කරන්නම් MIUI features part 2 post එකෙන්. එතකන් කෙටියෙන් කියන්නම්.
1) Super Resolution – මේකෙන් කරන්නේ අපි youtube එකේ 480p video එකක් බලද්දී AI පාවිච්චි කරලා ඒකේ quality එක 960p වලට වැඩි කරලා දෙන එක. 960p ම වෙනකං වැඩි වෙනවද දන්නේ නෑ. නමුත් 720p වලට වඩා quality එක වැඩි වෙනවා. මං ඔය option එක on off කරලා test කරලා බැලුවා. වැඩේ ඇත්ත.
2) AI image enhancement – මේකෙන් කරන්නේ images වල object detect කරගෙන ඒකට අනුව display එක adjust කරන එක.
3) AI HDR enhancement – මෙකෙදි කරන්නේ අපි බලන video එකක් AI පාවිච්චි කරලා HDR mode එකට convert කරලා දෙන එක. අඳුරු හා එළිය වැඩි තැන් වල details හොඳට පේනවා එතකොට.
4) MEMC – මේක තමා හොඳටම කරන්නේ. මෙකෙදි වෙන්නේ අපි බලන video එකක fps අඩු නම් AI engine එකෙන් එකට තව frames ටිකක් එකතු කරන එක. ඒ කියන්නේ fps count එක වැඩි කරලා video එක තව smooth කරනවා. 😁
තව තියෙනවා features ඕනි තරම් කියනවනම් display එක ගැන. ඒව කතා කරොත් review එක සෑහෙන්න දිග වැඩි වෙයි. ඒ නිසා ලොකු විස්තරයක් නැතුව ඒ ටික පහලට කියාගෙන යන්නම්.
1) Dark mode – AmoLED නිසා deep black සුපිරියටම තියෙනවා. අනිත් device එක්ක ලොකු වෙනසක් නෑ.
2) Anti flicker mode
3) Reading mode
4) AOD
5) Sun light mode
6) Night mode
7) Double tap
Sound
Harman/Kardan ලා tune කරපු Dual stereo speakers දෙකක් තියෙනවා. Speaker දෙකෙන් එන output එකේ කිසිම sound loss එකක් නෑ. පුංචිම variations පවා ඇහෙනවා. ඊට අමතරව මේකේ sound mode 4ක් තියෙනවා. Smart, Music, Video, Voice කියලා. ඇදලා අවස්ථාව අනුව ඒ ඒ mode වලට switch වෙන්න පුළුවන්. Sound output එක ගැන කියන්න කිසිම අවුලක් නෑ. ඒත් speaker දෙක නිසා පොඩි අවුලක් එනවා මට. Speaker දෙකෙන් audio එකක් play වෙද්දී පොඩි vibration එකක් එනවා මුළු phone එක පුරාම. විශේෂයෙන් scroll කරද්දී type කරද්දී ඒක ටිකක් feel වෙනවා.
ඒ වගේම මේකේ 3.5 mm head phone jack එක නෑ. ඒත් type c to 3.5 mm femail convertor එකක් box එකේම එනවා. ඒත් මේකෙ Hi-res experience එක ගන්න ඕනි නම් මං recommend කරන්නේ අඩුම ගානේ type C dual driver එකකටවත් යන්න.
Wireless audio ගැන කියනවනම් ඒකත් Hi-res audio support කරනවා. ඊට අමතරව උඩ කිව්වා වගේ aptX HD වගේම aptX adaptive features තියෙනවා. සමහර තැන්වලදී equalizer එකවත් ඕනි වෙන්නේ නෑ. ඒ තරමට sound balancing හොඳයි. Spotify use කරනවානම් inbuild equalizer එකේ එන FX-booster එකේ bass boost එක වගේම surround sound එහෙම වෙනස් කරලා තමන්ගේ කැමැත්ත අනුව ඒ දේවල් වෙනස් කරගන්න පුළුවන්.
මීට අමතරව sound assistant feature එකත් තියෙනවා. එතනින් notification ආවට පස්සේ මොකද වෙන්න ඕන වගේ ඒව හදාගන්න පුළුවන්. ඊට අමතරව equalizer එකක් තියෙනවා. තව හොඳම feature එකක් තියෙනවා sound adjusment කියලා ඒකෙන් තමන්ගේ කානේ සංවේදනය මත sound output එක tune කරගන්න පුළුවන්. Wired handfree වලට විතරයි වැඩ ඒක.
Battery
14 hrs Idle එකක් එක්ක 7 hrs SOT එකක් තියෙනවා. 120 Hz, WQHD+, Dual 4G on (sim දෙකේම VoLTE enable නිසා), Super Wallpaper දාලා තියෙන්නේ, පැය 24ම Bluetooth on, AI image enhancement on, MEMC on, AI HDR enhancement on , ඒ වගේම පැය 24ම mobile data on, දවසේ පැය 20ක් AOD on එකේ තියෙන්නෙ. මටනං නරකත් නෑ කියන්න තරම් ලොකු හොඳකුත් නෑ.
Current ගිය දවසක ඔය සේරම off කරලා mobile data විතරක් on කරගෙන idle එක 24hrs එක්ක SOT එක 10 hrs ඇද්දා. 50% දී battery saver එකත් on කරා. අන්තිම 10% දී Ultra battery saver දැම්මේ නෑ. ඒකත් දැම්මනම් තව පැය තුන හතරක් ඇදගන්න තිබුණා.
MIUI 12.5 enhanced version එක ආවාම මීට වඩා හොඳට battery backup එකක් තියෙයි. ඒත් තව අවුලක් තියෙනවා. ඒ තමයි මේකෙ අච්චර features on වෙලා තියෙන display එකට වඩා battery consumption එක වැඩි whatsapp, facebook වගේ 3rd party app වලට. ඒ app developers ලා තාම මේ device එකට හරියන්න ඒ apps optimize කරලා නෑ. Battery එක මීට වඩා ගොඩාක් හොඳට perform කරනවා facebook එකෙයි whatsapp එකෙයි devs ලා පොඩ්ඩක් මේකට ගැළපෙන්න එයාලගේ apps optimize කරලා සාධාරණයක් කරා නම්.
Camera
Main wide lens එක 108 MP lens එකක්. ඒත් සාමාන්‍යයෙන් photo එකක් capture වෙන්නේ 27 MP වලින්. ඒකට හේතුව camera output එකේ size එක අඩු වෙන්න bins down කරන එක. Details වල යම් අඩුවක් සිද්ද වෙන්න පුළුවන් එතකොට. ඒත් ඔයාට 108 MP වලින්ම photo එක capture කරන්න ඕනි නම් ඔයාට ඒ chance එකත් Camera app එකෙන් දීලා තියෙනවා. ඒ වගේම FOV එක 123⁰ ක් වෙන 13 MP ultra wide lens එකකුත් තියෙනවා. හොඳ wide area එකක් details අඩු නොවී capture කරගන්න පුළුවන්. මීට අමතරව 5 MP super macro lens එකකුත් තියෙනවා. නෑ නෑ ජරාවක් නම් නෙවෙයි Macro lens එක. වගකීමෙන් කියන්නේ. වැඩක් ගන්න කෙනෙකුට ලොකු දෙයක් කරන්න පුළුවන් ඒකෙන්.
Xiaomi ලගේ image processing නම් සෑහෙන්න improve වෙලා. Telephoto lens එකක්වත් නැති මේකේ DXOmark score එක 120 යි. ඒ වගේම Telephoto lens තියෙන 9T pro එකට පවා officialy නොදුන්න Bokeh Video Recoding option එක මේකට දීලා තියෙනවා. ඊට අමතරව තව සෑහෙන්න features ගොඩාක් stock camera app එකේ load කරලා තියෙනවා. ඒව ගැන ලොකුවට විස්තර කරලා පස්සේ post එකක් දාන්නම් දැනට ඒ ටිකෙන් highlight features ටික list එකක් විදියට දාන්නම්. එකක් ගානේ විස්තර කරන්න අමාරුයි.
1) Pro
2) Potrait
3) Night Mode – Photo, Video and Ultra Night Video
4) Video – HDR 10+, up to 8K 30fps, OIS, EIS, Sport mode, etc…
5) Slow-mo (up to 480 fps)
6) Time lapse
7) Document
8) Short Video
9) Vlog
10) 108 MP mode
11) Super moon
12) Dual Video
13) Long exposure
14) Panaroma
15) Movie Effects
16) Clone
And etc…
මිට අමතරව කියන්න තියෙන විශේෂ දේ තමයි camera app එකට support කරන හොඳ gallery app එකක් inbuild එනවා MIUI වල. Photo වල depth එකේ ඉඳන් පොඩි පොඩි දේවල් පවා ලේසියෙන් edit කරන්න පුළුවන්. ඒ වගේම photo, video effect බර ගානක් තියෙනවා. Sky replacement පවා. Gallery app එක සෑහෙන්න සාධාරණයක් කරනවා Camera app එකට.
Selfie cam එකත් මරු. ඒකටත් bokeh video recording feature එක දීලා තියෙනවා. ඒ වගේම HDR facility එකත් දීලා තියෙනවා. Vlog කරන්න උනත් ලොකු අවුලක් නෑ. Setings ටික තමන්ට ගැලපෙන විදියට හදාගෙන record කරන්න තියෙන්නේ.
මීට අමතරව camera එක ගැන ඒකේ features ගැන in depth review තියෙනවා ඕන තරම්. ඒව බලන්න වැඩි විස්තර ඕනි නම්.
Build Quality
මුලින්ම කියන්න ඕන මේක 196g ක් උනාට අතට කිසිම අමාරුවක් නෑ. Premium feel එකක් තියෙන්නේ. මේක design කරලා තියෙන විදිය අනුව අතට feel වෙන විදිය එක්ක තමයි ඒක තීරණය වෙන්නේ. ඒ නිසා phone එකේ protection එකට කියලා bulky backcovers දැම්මොත් නම් ඒ premium feel එක යනවා. ඒ නිසා පුළුවන් තරම් සැහැල්ලු එක්කට යන්න. Screen එක Gorilla glass victus වලින් cover කරලා තියෙද්දී back එකේ තියෙන්නෙ gorilla glass 5. ඒ වගේම frame එක aluminium. ඒ වගේම back එකේ finger print හිටින්නේම නැති තරම් ඒත් නිල් එකට වඩා කළු එකේ finger print හිටියොත් පේන්න පුළුවන් සම්භාවිතාවය වැඩි.
Design එක මට ලොකු අවුලක් නෑ. Display එකේ curve එකත් මරු. ඒත් display එකේ finishing එක නම් චොර. මං උඩ කිව්වා වගේ device එක ලස්සනට design කරලා උඩ edges දෙකේදී ගම කාලා. Camera punch hole එක තියෙන විදියත් මට අවුල්. මෙහෙමයි ඉතින් මේ වගේ දේවල් නම් කෙනාගෙන් කෙනාට සාපේක්ෂයි. තමන් බලන විදිය අනුව මේවා වෙනස් වෙනවා. මේ ලියන්නේ මට දැනෙන විදියට. ඒ නිසා හැමෝටම මේවා එක වගේ දැනෙන්නේ නෑ.
Performance
SD 888, LPDDR 5 8GB RAM, UFE 3.1 Storage තියෙන නිසා Perfomance ගොඩාක්ම හොඳයි. Ram management උනත් අවූලක්ම නෑ. App open time අඩුයි. Recent වල තියෙන app වල background process kill කරන්නේ නෑ. වැඩේ නවත්තපු තැනින්ම ආයේ app එකට ගිහින් වැඩේ පටන් ගන්න පුළුවන්. මෙච්චර කාලේකට lag එකක් freeze වීමක් වෙලාම නෑ. අඩුම ගානේ animation එකක්වත් හිර වෙන්නේ නෑ. Butter වගේ. App අතර switch වෙද්දිත් පට්ට smooth. Antutu වලදී 750K වගේ result එකක් ලැබෙනවා real time test කරද්දී. එක දිගට තුන් පාරක් වගේ test කරද්දී 10K වගේ score drop එකක් තියෙනවා.
Normal use කරද්දී heat වෙන්නේ නෑ. ඒත් charging වලදී 42 ට වගේ යනවා. ඒක සාමාන්‍ය දෙයක්. COD mobile වලදී නම් උපරිම 45 ට වගේ යනවා. Settings සේරම high දාලා. Frames drop වෙන්නේ නෑ. Latency වල වෙනසක් නෑ. Ping එක 40-60 අතර තියෙනවා හැම වෙලේම. ඒත් genshin impact වගේ GPU එක උපරිම use වෙන game වලදී උපරිම settings දාලා play කරද්දී නම් temp එක 50-55 ට ගිහින් fps drop වෙනවා කියලා use කරන අයියා කෙනෙක් කිව්වා. මං ඒ game එක play නොකරන නිසා මගේ experience එක කියන්න වෙන්නේ නෑ.
55 W charger එකක් box එකේම එන නිසා පැය 1 කින් වගේ full charge වෙනවා. මම charge කරන ගමන් නම් games වගේ බර වැඩ කරන්නේ නෑ. ඒ නිසා ඒ වගේ වෙලාවට over heat වෙනවද කියලා කියන්න මන් දන්නේ නෑ. මම recommend කරන්නෙත් නෑ ඒ වැඩේ නම්. පැයයිනේ. ඒ පැය නිදහසේ charge වෙන්න දෙන්න. 😂
Overall perfomance ගැන කිව්වොත් හොඳටම හොඳයි. Thermal management කියන තරම් අවුල් නෑ. ඒත් අනිත් devices වලට වඩා heat වෙනවා. ඒක ඉතින් SD 888 වල common issue එකක්. China වලට release උණු enhanced update එකෙන් පස්සේ නම් heat වෙන එක ගොඩාක් අඩු උනා කියල එයාලගේ community එකේ ගොඩ දෙනෙක් දාලා තිබුණා.
Under display finger print එකත් accurate and fast. ඒත් Animation එක නිසා ටිකක් slow වගේ දැනෙනවා. ඒ වගේම මේකේ fingerprint sensor එකෙන් heart rate එක meassure කරන්නත් පුළුවන්. ඒ වගේම face unlock එක නම් සෑහෙන්න responsive and quick. Low light condition වල ඉද්දී උනත් වැඩ කරනවා.
Back tap, Game turbo, Video Toolbox, floating window, Super Wallpaper, Second space, Dual apps, Full Screen Gestures, Knuckel gesture shrotcuts, App lock වගේ features MIUI වලින් දීලා තියෙනවා. ඒ වගේම curve display එකක් නිසා වැරදිලා edge touch වෙන්න පුළුවන්නේ. ඒකටත් MIUI වලින්ම edge protection එකක් දීලා තියෙනවා. විශේෂෙන්ම මේකේ haptic feedback නම් next level. අපිට කැමති, feel වෙන විදියට haptic feedback level එකත් adjust කරගන්න පුළුවන්. Calls වලදී උනත් Ringtone එකේ විදියට vibration එක වෙන්නේ.
0