
Launched in 2017 with a 1080 x 1920 IPS screen the Nokia 6 is equipped with Qualcomm MSM8937 Octa-core SOC and is powered by Andriod 7 which can be upgraded to Android 9. Nokia 6 has a single main camera and is backed by a 3000mAh battery. The review is a collection of user experience of this device being used in sri lanka.
2018 අවුරුද්ද මුල ගත්තා Nokia 6 black එකක්.shop එකේදිම phone එක on කරල වැඩිවෙලා යන්න කලින් phone එක ගොඩක් රත්වෙන්න ගත්ත.phone එක මුලින්ම on කරද්දි ඔක්කොම option on වෙලා තියෙන්නෙ
NFC,Bluetooth,Wi-Fi, GPS etc.රත් වෙන එක ඒ වෙලාවෙ එච්චර ගානක් උනේ නෑ phone එක අරන් ආව රු 30500 කට 1 year softlogic warranty එක්ක.
අරන් ඇවිල්ල NFC,Bluetooth,Wi-Fi, GPS off කරාට පස්සෙ රත් උනේ නෑ සාමාන්‍ය විදිහට තිබුන. google maps වල navigation පාවිච්චි කරද්දි ගොඩක් රත් වෙන්න ගත්ත.call ගනිද්දි එහාපැත්තෙන් කතා කරන එකත් මම කතාකරන එකත් විටින් විට ඇහෙන්නෙ නැතුව ගියා හුඟක් calls වල.video record කරද්දි විනාඩියකට ආසන්න කාලයක් sound record වෙනව හොඳට ඊට පස්සෙ sound recording ගොඩක් අපැහැදිලි වෙනව.
ඔක්කොම ලෙඩටික හදන්න දුන්න softlogic repair center එකට .
mic එකත් එක්ක වෙනම තියෙන circuit board එක replace කරා – ලෙඩ ටික එහෙමමයි .
android 8 install කරා ( android 7 when buying ) – ලෙඩ ටික එහෙමමයි .
housing එක replace කරා – ලෙඩ ටික එහෙමමයි .
main circuit board එක replace කරා – ලෙඩ ටික එහෙමමයි .
ඊට පස්සෙ softlogic එකේ manager කියනව phone එක china යවන්න ඕනලු ලෙඩේ මොකද්ද කියල හොයන්න
මම කිව්ව phone එක china නෙවයෙි කොහේ යැව්වත් මට කමක් නෑ මට අළුත් phone එකක් දෙන්න warranty තියෙන නිසා කියල .දැන් මේ වෙනකොට මාසයක් විතර ගිහිල්ල phone එක හදන්න දීල .
ඊට පස්සෙ අළුත් ඒව නැති නිසා nokia 6 silver එකක් දුන්න ඒකත් technician ලට repairing training වෙන්න තිබිච්ච එකක්.ඒක අළුත් එකක්ද නැද්ද කියල දන්නෙ නෑ ඒත් අළුත් වගේ තිබුන box එකක් නෑ .ඒක අරගෙන ආව.
අළුතෙන් දීපු nokia 6 silver එකේ ටික දවසක් යනකොට display එකේ සුදු පාට dot වගයක් ආව. ඒකත් softlogic ල replace කරල දුන්න.
අළුතෙන් දීපු nokia 6 silver එකේ call ගනිද්දි ඇහනේනෙ නැති ලෙඩේ ආවෙ නෑ .
video record කරද්දි sound අපැහැදිලි වෙන ලෙඩේ තාම තියෙනව .
google maps වල navigation පාවිච්චි කරද්දි ගොඩක් රත් වෙන එකත් තාම තියෙනව .
තාමත් සාමාන්‍ය විදිහට පාවිච්චි කරනව
dislay එකත් අවුලක් නැතුව තියෙනව
phone එකේ body එකනම් හයියයි aluminiem නිසා .
0